ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු නියෝගය ගැන ෂෙහාන් සේමසිංහගෙන් ඉල්ලීමක්

2023 වසරේ අයවැයෙන් වෙන් කරන ලද මුදල් රදවා ගැනීමට එරෙහිව පසුගිය මාර්තු 3 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව ක්‍රියා නොකරන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද දින(10) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එය සම්බන්දයෙන් පාර්ලිමේන්තුවට යොමුව ඇති වරප්‍රසාද ගැටලුවට අදාළව පාර්ලිමේන්තුවේ කටයුතු ආවසන් වන තෙක් එම අතුරු නියෝගය අනුව කටයුතු කිරීම බරපතල වරදක් බවයි එතුමා සඳහන් කලේ.

අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සි දොලවත්ත මතුකළ වරප්‍රසාද පිලිබඳ කාරක සභාවේ සාක්ෂි විමසීම අවසන් වන තුරු නියෝගය සම්බන්දයෙන් වැඩිදුර කටයුතු හෝ ක්‍රියාමාර්ග නොගන්නා ලෙස අදාල බලධාරීන්ට උපදෙස් දෙන ලෙස නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *