ජර්මනියේ ක්‍රිස්තු සභාවක වෙඩි තැබීමක්,පුද්ගලයින් පිරිසක් ජීවිතක්ෂයට

උතුරු ජර්මනියේ හැම්බර්ග් නගරයේ ක්‍රිස්තු සභාවක රැස්වීම් ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තනිව පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔහු මිය ගොස් ඇතැයි විශ්වාස කරන බව එරට පොලිසිය සඳහන් කර ඇත.

ජර්මානු මාධ්‍ය විසින් මරණ හයක් හෝ හතක් සිදු වී ඇතැයි වාර්තා කරනු ලැබ ඇති නමුත් එම මරණ අතර ප්‍රහාරකයාගේ මරණය තිබේ ද යන්න අපැහැදිලි බව සඳහන් වේ.

වෙඩි තැබීමේ අරමුණ කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නගරයේ ග්‍රොස් බෝස්ටල් දිස්ත්‍රික්කයේ ඩීල්බෝජ් වීදියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇතැයි ද එම වාර්තාවල සඳහන් වේ.

අපරාධකරුවෙකු විය හැකි යැයි විශ්වාස කරන මියගිය පුද්ගලයෙකු සිරුරක් එම ස්ථානයේ තිබී සොයාගත් බව ත් පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බව ත් පොලිසිය ප්‍රකාශ කර ඇත.

එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 9.15ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *