ඩුබායි සිට ඩොලර් මිලියන් 03 යැව්වේ pakistan මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්…..
ප්‍රංශයේ සිට නීතිඥවරයෙකුත් පිටත් කරයි….
ලංකාවෙන් පැන්න කුඩු සිද්ධික් බේරාගැනීමේ මෙහෙයුම පසුපස….
මැඩගස්කරයේ දී අත්අඩංගුවට පත් වුණු පත්වුණු හරක් කටා,පානදුරේ salindu ඇතුළු මහා පරිමාණ කුඩු ජාවරම්කරුවන් දෙදෙනා ඇතුළු කණ්ඩායම මුදා ගැනීම සඳහා පකිස්තාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඩුබායි රාජ්‍යයේ සිට ඩොලර් මිලියන තුනක මුදලක් මැඩගස්කරයට එවා ඇතැයි ආරංචි මාර්ග පවසයි.
මීට අමතරව ප්‍රංශයේ සිට නීතිඥවරයකු පිටත්කර යවා ඇති බවද දැනගන්නට ඇත..
නදුන් චින්තක නොහොත් හරක් කටා යනු මා කදුරේ මදුෂ්ගෙන් පසුව ඩුබායිහි සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පකිස්තානුවන් ගේ විශ්වාසය දිනාගත් ප්‍රබල චරිතයකි..
පාකිස්තාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හෙරොයින් තොග වෙනුවට මුදල් නොගෙවූ පුද්ගලයන් හා ජාවාරමට හරහාට සිටි පුද්ගලයන් සේයා ඝාතනය කර තිබුණේ හරක් කටාගේ මෙහෙය වීමෙන් ය.
මෙවන් කුරිරු ඝාතකයෙකුගේ අවශ්‍යතාවය පකිස්තාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මොනවට තිබේ.
ඒ නිසාම ඕනෑම මුදලක් වියදම් කර හරක් කටා ගලවාගැනීමට මෙහෙයුමක් අරඹා ඇත
මේ නිසාම ඉන්දීය බලධාරීන් ද පකිස්තාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය පළ කිරීමට ඉදිරිපත් වී ඇත .
මේ අනුව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැඩගස්කරයට බලපෑම් කර හරක් කටා ලංකාවට එවීමට ඉන්දීය රජයේ ද සහය පළ වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.
අන්තර්ජාතික පොලිසිය මාර්ගයෙන් රතු වරෙන්තු නිකුත් කර ඇති හරක් කටා සහ පානදුරේ කුඩු salindu අත්අඩංගුවට පත්වන්නේ මැඩගස්කරය හරහා මැලේසියාවට යාමේ සැලසුමක් ඇතිව එහි පැමිණි මොහොතේය.
මෙම ගමනට හරක් කටා සමග හරක් කටාගෙ ඉතියෝපියානු පෙම්වතියක් වන කාන්තාවක් සහ හරක් කටාගෙ අවුරුදු එකහමාරක් පමණ වයසැති දරුවා ද එක් කරගෙන ඇත. පුද්ගලික ජෙට් යානාවකින් මැඩගස්කරයට පැමිණ නැවත පිට යාමට සූදානම් වන මොහොතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ශාඛා මඟින් ලබා දුන් ඔත්තුවක් මත හරක් කටා ඇතුළු පිරිස කොටුකර ගැනීමට හැකි වී ඇත.
පසුගිය වසරේදී හරක් කටා අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලීසිය සමත් වුවද නොතිබු නිසා එය වාසියක් කරගත් හරක් කටාගෙ නීතිඥවරුන් හරක් කටාව ඩුබායි පොලිස් ග්රහණයෙන් මුදා ගැනීමට සමත් විය. මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය , අධිකරණ අමත්‍යංශය,නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිස් දෙපාර්තමේන්තුව දින 45 ක් තිස්සේ ලිපිගොනු තැනින් තැනට යොමුකරමින් කල් මරද්දි හරක් කටා ගලවා ගෙන යාමට නීතිඥවරුන්ට හැකි විය.


