නෙදර්ලන්ත තානාපතිනිය  ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතනිය වන අතිගරු බොනී හොබැච් (Bonnie Horbach) මැතිනිය අද (මාර්තු 07) කොළඹ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හමුවිය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් තානාපතිවරිය උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ද්විපාර්ශ්විකව  වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සහ ආපදා අවම කිරීම පිලිබදව ප්‍රතිචාර දැක්වීම සඳහා ක්‍රියා කළ හැකි ආකාරය පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *