ඉංජිනේරුවා ඝාතනය කර ආගමන විගමන දත්තත් වෙනස් කරලා..
රටින් පිට වූ බව අඟවන්න රුපියල් එක් ලක්ෂ විසි දාහකට සිස්ටම් එක හදලා දීලා.
ලෝක බැංකුවේ මෙරට තාක්ෂණික ඉංජිනේරුවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසිපස් වසරක පළපුරුද්ද හිමි සමන් විජේසිරි නැමැති ඉංජිනේරුවා ඝාතනයකර ව්‍යාජ ලේඛන මගින් සකස්කරගත් රුපියල් කෝටි විස්සක් පමණ වටිල රාජසන්තක කර ඇත .
රුපියල් කෝටි 50ක පමණ දේපළ හිමි මෙම ඉංජිනේරුවා ඝාතනය කරන්නේ හලාවත බිංගිරියේ පිහිටි Metro Auto Service ගොඩනැගිල්ලේ දීය .ඒ 2018 ඔක්තෝබර් 13 වනදා ය. ඉංජිනේරුවා ඝාතනයට ජෙරාඩ් ලින්කන් ද මෙල්,රුවන් චන්දන ,නිහාල් දේවප්‍රිය යන සැකකරුවන් තිදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේය..මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ගැන විමර්ශන කිරීමේදී ඉංජිනේරුවාට අයත් කෝටි 50ක පමණ දේපල අල්ලා ගැනීමට මෙම ඝාතනය කර ඇතැයි හෙලිවිය.
මේ අනුව දේපළ සම්බන්ධ විමර්ශන නීති විරෝධී වත්කම් වන කොට්ඨාශයට පවරන ලදී.එම ඒකකයේ නිලධාරීන් දැනට කරන ලද විමර්ශනවලට අනුව රුපියල් කෝටි විස්සක් පමණ වටිනා දේපළ දැනට රාජසන්තක කිරීමට බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඉංජිනේරුවා ඝාතනය කිරීමෙන් පසුව පවුලේ අයට ඔහු විදෙස් ගතවූ බව ඇඟවීමට පරිගණක පද්ධතිය පවා මුදල් ගෙවා වෙනස් කර ඇත.
ආගමන නිලධාරියෙකු වන සිසිර ගාමින්ද තෙන්නකෝන් යන අයට රුපියල් එක් ලක්ෂ විසිදාහක මුදලක් ලබාදී ආගමන විගමන දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කළ බවත් හෙළිවී ඇත.
මෙම සැකකාර ම ආගමන විගමන නිලධාරියාගේ සේවය අත් සිටුවා ඇති අතර නීතිපතිට කරුණු දක්වා ද ඇත..
මෙම සිද්ධියට අදාළව හොර ඔප්පු සැකසු නීතිඥවරයා හට සිදුවන දේ බලාපොරොත්තු වන්න…


