Updated : මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා මැඩගස්කර් හිදී අත්අඩංගුවට

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා මැඩගස්කර් හිදී එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ආරංචි මාර්ග පවසයි.. මීට ඉහතදීත් ඩුබායි ආරක්ෂක අංශ මගින් හරක් කටා අත්අඩංගුවට ගත්තෙ විදෙස්ගත වීමට ගිය මොහොතේදීය..

කෙසේ වෙතත් හරක් කටා ගේ මෙරට සිටින නීතිඥ මණ්ඩලයක් මැදිහත්වීමෙන් හරක් කටා මෙරටට ගෙන ඒමට නොහැකි ලෙස ගලවා ගෙන යාමට හැකි විය.

මහා පරිමාන කුඩු ජාවාරම් කාරයෙකු ලෙස ප්‍රකට කුඩු සලින්දුද ඒ අතර සිටින බවට විශ්වාස වන්ත පුවත් මගින් සත්‍ය නිව්ස් වෙත වාර්ථා වේ.

හරක්ටා නොහොත් නදුන් චින්තක, (චයාරුපයේ නිල් පැහැති ජර්සියක් පැළද කෙලවරේ වැඩිවී සිටින්නේ ඔහුය), කුඩු සලිදු (ඔහුට මෙහායින් වාඩිවී සිටින්නේ ඔහුය ) හා පානදුර රෝහල ඉදිරිපිටදී කුඩු මුදල් සම්බන්දව ගිලන්රථ රියදුරෙකුට වෙඩි තබා මරාදමන ලද වෙඩික්කරුවන් සිටගන සිටි. මොවුන් මැඩගස්කර් හි සාදයකට සහභාගී වී සිටියදී අත්අඩංගුවට පත් වූ බව එරට පුවත් වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *