සුඛෝපභෝගී ජීප් රථයක ගමන් කරමින් සිටි කෝටිපති ව්යාපාරිකයකයකුට වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා ගිනි අවිය සමග ඊයේ (05) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය සදහන් කරයි.
කඩවත කිරිල්ලවල, බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයකු වූ අනුරාධ සම්පත් කුඩාගොඩ නැමැත්තා ඉකුත් 28 දා උදෑසන දරුවන් දෙදෙනකු පාසලට ඇරලවා පානදුර පින්වත්ත ටිඩීමන් ද සිල්වා මාවතේ කෙලවර ඉදිකරන නිවසේ කටයුතු සොයාබැලීම සදහා සුඛෝපභෝගී ජීප් රථයකින් එමින් සිටියදී යතුරුපැදි කරුවන් දෙදෙනෙකු පැමිණ දකුණ කම්මුල ප්‍රදේශයට වෙඩිතබා ඝාතනය කර තිබුණි .
ඉකුත් 28 වැනි දින මෙම වෙඩි තැබීම සිදුවිය.
තෙලිකඩ පොලිස් වසමේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචි මරිසි පොඩී නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන එදින යතුරුපැදිය පැදවූ පුද්ගලයකු සහ වෙඩිතැබීම සිදුකල පුද්ගලයා බවත් පොලිසිය කීය.
සැකකරුවන් 34 සහ 40 වියේ පසුවන පුද්ගලයන් බවද පොලිසිය සදහන් කරයි.
කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය සිදුවූ දින පානදුර සිට කළුතර දෙසට ගමන් කර ඇති අතර, කළුතර දෙස සිට ඝාතකයින් ජීප් රථය ලුහුබැඳ පින්වත්ත දක්වා පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පැවසේ.
යතුරුපැදිය පැදවූ බව කියන සැකකරු ගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ලද තොරතුරු මත වෙඩිතැබීම සිදුකල සැකකරු ඇල්පිටිය තෙලිකඩ, ගිනිමැල්ලගහ නිවසේ සැගව සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයිද සදහන් වේ.
දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු මත චීනයේ නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ උන්ඩ යෙදිය හැකි ස්වයංක්‍රීය ගිනිඅවියක් සහ එම පතුරම් 8 ක් සොයාගත් බවද පොලිසිය කීය.
මුදල් කොන්ත්‍රාත්තුවක් මත වෙඩිතැබීම සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව පොලිස් නිළධාරීයෙක් කීය.
ඝාතනය සිදුව විනාඩි 30 ක් වැනි කාලයක් තුලදී කිලෝමීටර් හතරක් පමණ ඈතින් පිහිටි වාද්දුව වේරගම පාරේ සයිප්‍රස් උද්‍යානයේ මාර්ගය ආසන්නයේ දමා ගොස් තිබූ ප්ලැටීනා වර්ගයේ යතුරුපැදිය අනුව පරීක්ෂණ සිදුකිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
පරීක්ෂණ සිදුකල පොලිස් කණ්ඩායම් විසින් ප්‍රදේශයේ සිසිටිවී කැමරා දෙසීයකට ආසන්න ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව සදහන් වේ.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 2 ක් රැදවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.
කළුතර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක (වැබ) සහකාර පොලිස් අධිකාරී ක්‍රිශාන්ත මහතාගේ උපදෙස් පරිදි , ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව ,උප පොලිස් පරීක්ෂක අතුල , මධුෂාන්, සැරයන් වරුන්වන ගුණේන්ද්‍ර (55301), සමන්තිලක (41004), ප්‍රසන්න (69479) , ජයසූරිය (69415) ඇතුළු නිළධාරීන් වැටලීමට එක්වූහ .


