බලපත්‍ර නීති රීති උල්ලංඝනය කරමින් රට බීම හලක් පවත්වා ගෙන ගිය තැබෑරුම වටලයි

බලපත්‍ර නීති රීති උල්ලංඝනය කරමින් මත්පැන් විකුණූ පිලියන්දල මඩපාත තුඩුව පාර තැබෑරුමක් වැටලූ බව බස්නාහිර පළාත් ( එක) සහකාර සුරාබදු කොමසාරිස් එන් ජයන්ත ද සිල්වා මහතා  පැවසීය.

              තැබෑරුමක් ලෙස බලපත්‍ර ලබාගෙන නීතිවිරෝධී අයුරින් කාලයක් තිස්සේ රට බීම   හලක් ලෙස මත්පැන් අලෙවි කරන බවට  ලද රහසිගත තොරතුරක් අනුව  උපාය දුතයෙකු යොදවා මත්පැන් බෝතලයක් මිලදී ගැනීමෙන් අනතුරුව වැටලීම සිදුකළ බව සහකාර කොමසාරිස් කීය.

තැබෑරුම තුළට පැමිණෙන පුද්ගලයන් හට පමණක්  මත්පැන් ලබාදී පහසුකම් සැලසීමට පමණක්  බලපත්‍ර නිකුත් කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

නමුත් මෙම තැබෑරුමේ ඉදිරිපස දොරවල් ප්‍රධාන මාර්ගයට වෘත්ත කර  සාමාන්‍ය රට බීම හලක් ලෙස අලුයම 2 දක්වා මත්පැන් විකුණා ඇති බව  එම විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

තැබෑරුමක් ලෙස බලපත්‍ර ලබාගෙන තැබීම හලක් ලෙස පිටස්තර පාරිභෝගිකයන්ට අලෙවිකරණ මෙම තැබෑරුමේ ඡායාරූප සහ වාර්තාවක් සුරාබදු කොමසාරිස් ජනරාල් වරයාට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව  සහකාර කොමසාරිස් කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ , බස්නාහිර පළාත් ( එක) සහකාර සුරාබදු කොමසාරිස් එන් ජයන්ත ද සිල්වා  මහත්වරුන් ගේ  උපදෙස් මත කොළඹ නගරයේ සුරාබදු පරීක්ෂක චින්තක උඩ පමුණුව මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *