ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම මෝටර් රථයට අංක තහඩුව ලැබෙයි

ලංකාවේ නිෂ්පාදිත මෙම වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙරට නිෂ්පාදනය කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව ලබාදීම ඊයේ දින (03) සිදුකෙරිණි.

එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වේගා මෝටර් රථය නිර්මාණය කළ හර්ෂ සුබසිංහ වෙත ලබාදීම සිදුකෙරිණි.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *