රට වෙනුවෙන් කළ යුතු සේවය නොපිරිහෙළා ඉටු කරන්න. ඒ සඳහා පරම යුතුකමක් ඇති බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් වරයා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ තරුණ පරපුර යහමඟට ගැනීමට කටයුතු කිරීම සියලුම බාලදක්ෂයින්ගේ වගකීමක් වන අතර ඒ සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් රට වෙනුවෙන් තමන්ගේ උපරිම සේවය නොපිරිහෙලා ඉටු කළ යුතු බවත් ප්‍රධාන කොමසාරිස්වරයා අවධාරණය කරයි.ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ තේමාව”වඩාත් යහපත් ලොවක් බිහි කිරීම” වන අතර රටවල් 172 ක මිලියන 52ක් පමණ බාලදක්ෂයින් සිටින බවත් එතුමා සඳහන් කරන ලදී.ඕනෑම අවස්ථාවක පවතින වාතාවරණයට අනුව කටයුතු කිරීමට බාලදක්ෂයින් පුහුණුව ලබා ඇති බව තවදුරටත් ඒ මහතා ප්‍රකාශ කරන ලදී.
ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ පෙබරවාරි 22 පැවති 166 වන බේඩ්න් පවල් දිනයේ ජාතික උත්සවයේ දීය.
බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළ රොබට් ස්ටීවන්ස් ස්මිත් බේඩ්න් පවල් සාමිවරයාගේ 166 වන ජන්ම දින සැමරුම පෙබරවාරි 22 දිනට යෙදී ඇත.ඒ වෙනුවෙන් ලොව පුරා බාලදක්ෂයින් විවිධ සැමරුම් උත්සව සංවිධානය කරයි.
ශ්‍රී ලංකාවේ සියලුම බාලදක්ෂ දිශාවන් විවිධ සැමරුම් උත්සව මේ සඳහා සංවිධානය කර තිබිණ.මෙහි ජාතික සැමරුම් උත්සවය ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළ මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය ආශ්‍රිතව හා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.
බේඩ්න් පවෙල් සාමිවරයාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම මාතලේ බාලදක්ෂ උද්‍යානය තුළ බේඩ්න් පවෙල් සාමිවරයාගේ පිළිරුවක් ඉදි කිරීම සඳහා මුල් ගල තැබීමත් මෙහිදී සිදු විය.එයට සමගාමීව ජනාධිපති බාලදක්ෂ ප්රදානය දිනාගත් බාලදක්ෂයින් සඳහා සහතික ප්රදානය, B P ප්රදානය දිනාගත් මානවක බාලදක්ෂයින් සඳහා සහතික ප්රදානය , වැඩිහිටි නායකයන් සඳහා වැඩිහිටි සම්මාන ප්රදානය හා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය තුළ ප්‍රථම වතාවට අග්‍රාමාත්‍ය ප්‍රදාන දිනාගත් බාලදක්ෂයන් 250කට අධික ප්‍රමාණයක් සඳහා පදක්කම් පැලදවීම ද සිදු විය.
මේ අවස්ථාවේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා,මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජාන් තිලකරත්න මහත්මිය , අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමා,නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ් මුහීඩ් මහතා, ජාතික බාලදක්ෂ මූලස්ථානය නියෝජනය කරමින් සහය ප්‍රධාන කොමසාරිස්වරුන්,මූලස්ථාන කොමසාරිස්වරුන්, මාතලේ දිසා බාලදක්ෂ කොමසාරිස් සී.කේ.අබේවර්ධන මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.


