මෙරට විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යයන පද්ධතිය තුළ ඇති කර ගන්නා ගැටුම් අමානුෂික ක්‍රියාකාරකම් දක්වා වර්ධනයවී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා.
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ දේපළවලට දැඩි හානි සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.
එහිදී සිසුන් පිරිසක් විසින් තවත් පිරිසක් ඉහළ මහලට ඒව වැළැක්වීම සඳහා උණුවතුර ඉහළ සිට පඩිපෙල්වලට දැමීමට කටයුතු කර ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.


