රාජ්‍ය සේවයේ ප්‍රධාන අංශයක මෙතෙක් ලැබුණු වැටුප 15%කින් කපා හරී..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල කාර්ය මණ්ඩල අතිකාල දීමනා සහ අමතර රාජකාරී දීමනා සියයට පහළොවකින් කපා හැරීමට පියවර ගෙන තිබෙනවා.

මේ බව සඳහන් චක්‍රලේඛය එම අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇත.

අතිකාල සහ අමතර රාජකාරි කරන කාලවේලාවන්වල අදාළ සේවකයා අනිවාර්යයෙන් ම සේවයේ යෙදෙන බව ආයතන ප්‍රධානීන් තහවුරු කර ගත යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන්ව තිබේ.

විධායක ශ්‍රේණීයේ නිලධාරීන් සඳහා මසකට ලබා ගන්නා නිවාඩු දින වැටුප් ප්‍රමාණය දින පහක් දක්වා අඩු කළ යුතු බවත් ආරක්ෂක සහ පිරිසුදු කිරීම් වැනි ගිවිසුම් ගත සේවාවන් සඳහා දැනට අනුමත සේවක සංඛ්‍යාව අවම වශයෙන් සියයට දහයකින් අඩු කළ යුතු බවත් එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.

එම චක්‍රලේඛය මගින් මාණ්ඩලික නිලධාරින්ගේ වාහන හැර එක් එක් අංශ වෙත අනුයුක්ත කර තිබෙන සංචිත වාහන අදාළ අංශ ප්‍රධානීන්ගේ පාලනයට යටත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *