පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්රිකා අද හෝ හෙට දිනය තුළ ලැබුණහොත් දැනට සැලසුම් කර ඇති පරිදි මෙම මස 22, 23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්විය හැකි
බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
යම් හෙයකින් මෙම දින දෙක ඇතුළත ඡන්ද පත්රිකා නොලැබුනහොත් තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් එළඹෙන සඳුදා දිනයේදී තීරණයක් ගන්නා බවද ඔවුන් සඳහන් කළේය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා ‘නෙත් නිවුස්’ වෙත අද උදැසන පැවසුවේ රජයේ මුද්රණාලාධිපතිනිය, මුදල් අමාත්යංශය නිකුත් කළ චක්රලේඛයක් මත කටයුතු කිරීම හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය වී ඇති බවයි. එහෙත් මැතිවරණය පැවැත්වීමට එම චක්රලේඛය අදාළ නොවන බවද ඔහු කියා සිටියේය.


