රනිල් එජාපයේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බඳවා ගැනි⁣මේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මාසයක් ඇතුළත තොරතුරු වාර්තා කරන ලෙසට එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සියලුම ආසන සංවිධායකවරුන්හට දැනුම් දී ඇත.

එක්සත් ජාතික පක්ෂය සමග ඒකරාශී වී සිටින සමාජිකන්ගේ සංඛාව පිළිබඳව තක්සේරුවක් ලබාගැනිමෙන් අනතුරුව, මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව නිගමනයකට පැමිණිමේ අරමුණින් මෙලෙස තොරතුරු රැස් කිරිම සිදු කරනු ලබන බව වාර්තා සදහන් කරයි.

එජාපයේ ආසන සංවිධානය කිරීමේ කටයුතු මේ දිනවල දිවයින පුරා සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *