19වන ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹෙයි

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ඊයේ (23) රාත්‍රීයේ ආරම්භ වුණා.

තරගාවලියේ ක්‍රීඩා 8ක මූලික වටයේ තරග පසුගිය 19 වැනිදා සිට ආරම්භ වූ නමුත් එය නිල වශයෙන් සමාරම්භක උත්සවයක් ද සමඟින් ඊයේ රාත්‍රීයේ ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව තරගාවලිය ඔක්තෝබර් 08 වැනිදා දක්වා චීනයේ Hangzhou හිදි පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම මෙම තරගාවලිය ක්‍රීඩා ඉසව් 9ක් වෙනුවෙන් එළඹෙන 2024 පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙස ද සැලකෙනවා.

මෙවර ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 483ක් වෙනුවෙන් තරග කිරීමට නියමිත රටවල් 45ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ලංකාවෙන් එක් වන තරගකරුවන් ප්‍රමාණය 96ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *