අන්තර්ජාලය ඔස්සේ සජීවි අසභ්‍ය දර්ශන බෙදාහැරි යුවලක් අත්අඩංගුවට…

අන්තර්ජාලය ඔස්සේ සජීවී ලිංගික වීඩියෝ බෙදාහැරිය බව කියන තරුණ යුවලක් හොරණ කුඹුක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය සඳහන් කරයි.

වයස අවුරුදු 16 ත් 22 ත් අතර තරුණ ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගනිමින් මෙම යුවළ මෙම සජීවී ලිංගික වීඩියෝ අන්තර්ජාලය හරහා බෙදාහැර ඇති බව පැවැසේ.

23 හැවිරිදි සැකකාරිය සහ 25 හැවිරිදි පිරිමි සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ඇප නියම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *