බංග්ලාදේශ කතානායකවරිය මෙරට අගමැති හමුවෙයි!

බංග්ලාදේශ කතානායක ශිරින් ෂර්මින් චෞද්රි මහත්මිය ඊයේ (18) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කර තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, එවැනි සහයෝගිතාවයකින් දෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු භාවිතයන් ශක්තිමත් කළ හැකි බව බංග්ලාදේශ කතානායකවරිය ප්‍රකාශ කළ බවයි.

බංග්ලාදේශයට ඖෂධ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති බැවින් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා බංග්ලාදේශය සහයෝගීතාව ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බව මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

මෙම හමුවේදී බංග්ලාදේශ කතානායකවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, ජාත්‍යන්තර වෙළෙඳාමට අවශ්‍ය ප්‍රවාහන කටයුතු සඳහා කොළඹ වරායට අමතරව ත්‍රිකුණාමලය සහ අනෙකුත් ශ්‍රී ලංකාවේ වරායන් භාවිත කිරීමට බංග්ලාදේශය ඉතා උනන්දුවෙන් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *