පාර්ලිමේන්තුව මෙම සතිය සඳහා අද (19) දිනයේ සිට ලබන 22 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.
එහිදී පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 21වන බ්‍රහස්පතින්දා සහ ලබන 22වන සිකුරාදා පැවැත්වීමටයි තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
ට අමතරව අද (19) දිනයේ දී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2334/47 දරණ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.


