Asian cup 2023-අවසන් මහා තරඟය අද…

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය අද (17) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර මෙම අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය අද පස්වරු 3.00 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

මේ වන විට තරගය නැරඹීම සඳහා නිකුත් කළ සියලුම ප්‍රවේශ පත්‍ර අවසන්ව ඇති අතර තරඟය ආරම්භ වනතුරු ක්‍රිකට් ලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *