සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති තරගය ලකුණු 41කින් ජය ගැනීමත් සමග ඉන්දියාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තේය.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි පන්දුවකදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 213කි.
51 වැනි එක් දින අර්ධ ශතකය වාර්තා කළ ඉන්දීය නායක රෝහිත් ශර්මා ලකුණු 53ක් රැස් කළේ ය.
ඉන්දීය කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළ දුනිත් වෙල්ලාලගේ ලකුණු 40ට කඩුලු 5යි.
20 හැවිරිදි ඔහු වාර්තා අතරට එක් වුණේ, එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී කඩුලු 5ක් දවා ගත් දෙවැනියට ලාබාලතම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසය.
චරිත් අසලංක ලකුණු 18ට කඩුලු 4ක් දවා ගත්තේ ය.
ලකුණු 214ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 41යි පන්දු 3ක් අවසානයේ ලකුණු 172කට දැවී ගියේ ය.
ධනංජය ද සිල්වා ලකුණු 41යි.
හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින් දුනිත් වෙල්ලාලගේ ලකුණු 42ක් රැස් කළේ ය.
කෙසේ නමුත් පන්දු යැවීමේදී මෙන්ම පිතිකරණයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ දුනිත් වෙල්ලාලගේ තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ය.