මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බවයි මාධ්‍ය හමුවකට එක් වෙමන් අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ වගේම එම වෛද්‍ය විද්‍යාලවලට ආරෝග්‍යශාලා තුනක් ද ඇතුළත් කර තිබෙන බවත් වැඩිදුර වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි දරුවන් සඳහා 10%ක ප්‍රතිශතයක සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දෙන ලෙසට මෙම විශ්වවිද්‍යාලවලින් ඉල්ලීමක් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.


