එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54වන සැසි වාරය අද ආරම්භ වෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54වැනි සැසිවාරය අද(11) ජිනීවා නුවරදී ආරම්භ වෙයි.

අද ආරම්භ වන මෙම සැසිවාරය අනිද්දා දක්වා පැවැත්වීමට නියමිත අතර චෙක් ජනරජයේ තානාපති වැක්ලෙව් බැලෙක්, මෙවර සැසිවාරයේ ප්‍රධානත්වය දැරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන කණ්ඩායමේ ප්‍රධානත්වය ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක විසින් දැරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මානව හිමිකම් පිළිබඳ ඔහුගේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *