එජාප පක්ෂ සම්මේලනයට නැවත දින නියම වෙයි!

අයහපත් කාලගුණය හේතුවෙන් කල්දමුණු එක්සත් ජාතික පක්ෂ 56 වැනි සම්මේලනය ලබන මස 21 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබේ.

එජාප මහලේකම් පාලිත රංගේබණ්ඩාර පවසන්නේ, 56 වැනි සම්මේලනය ඔක්තෝබර් මස 21 වැනිදා පස්වරු 2.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බවයි.

පක්ෂය සම්මේලනය හෙට (10) පැවැත්විමට එජාපය මීට පෙර තීරණය කර තිබිණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරු ලබන 12 වැනි දා සිරිකොත පක්ෂ මුලස්ථානයට කැඳවා ඇතැයි ද මහලේකම්වරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *