අනියම් බිරිය සමග ලැගුම්හලක සිටියදි පුද්ගලයකු හෘදයාබාධයකින් මිය යයි


සිය අනියම් බිරිය සමඟ අනුරාධපුරයේ පෞද්ගලික ලැගුම්හලක රැඳී සිටි පුද්ගලයකු හදිසි හෘදයාබාධයකට ලක්වීමෙන් මියගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තලාව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙකි.

පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, ඔහු තම අනියම් බිරිය බව කියන කාන්තාවක සමඟ ලැඟුම්හල වෙත පැමිණ සිටි ඇති බවයි.

එදින දහවල් එකට පමණ ඔහු ලැගුම්හල තුළ දී හදිසියේ ම වැටීමකට ලක්ව ඇති අතර පසුව රෝහල් ගතකර තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය වාර්තාවට අනුව මෙය හදිසි හෘදයාබාධයකින් සිදු වූ මරණයක් බවට නිගමනය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *