සිය බිරිඳට මෝල් ගහෙන් පහර දුන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට…

බිරිඳට මෝල් ගසකින් පහරදී තුවාල සිදුකළ පොලිස් කොස්තාපල්වරයකු ආරච්චිකට්ටුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු බව වාර්තා වේ.

අධික ලෙස බීමත්ව මෙම පහරදීම සිදුකර ඇති අතර බිරිඳ විසින් පොලිස් කොස්තාපල් සැමියාගේ අත් පා ගැට ගසා ආරච්චිකට්ටුව පොලිසියට පැමිණ පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධව ඉදිරි විමර්ශන ආරච්චිකට්ටුව පොලීසිය විසින් සිදුකරන බව පැවැසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *