2023 ඡන්ද හිමි නාමලේඛනයට නම් ඇතුළත් කිරීමට ඉල්ලීම් කිරීමේ කාලය අදින් අවසන්…

2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවූ ඡන්ද දායකයෙකුට ඒ සඳහා ඉල්ලීම් කිරීමට දී තිබු කාලය අදින්(01) අවසන් වනවා.

ඒ අනුව ඊට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ දළ කෙටුම්පත් මේ වන විට ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

අදාළ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අද දිනය තුළ www.elections.gov.lk වෙබ් අඩවියද භාවිත කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *