අස්වැසුම පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව දෙවන කාණ්ඩය සඳහා මුදල් ලබාදීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍යරවරයා සඳහන් කළේ.
දැනට සුදුකම් ලබා ඇති අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15 සඳහා ප්‍රතිලාභ ලබාදීමට රුපියල් බිලියන 15ක් පමණ වැය වන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා එම සියලු දෙනාටම අවශ්‍ය මුදල් කඩිනමින් මුදාහරින බවද සඳහන් කළා.
ව්‍යාජ තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීමක් සිදු කර තිබුණහොත් එය නැවත පූර්ණය කර ගැනීම සඳහා අස්වැසුම පනතේම ප්‍රතිපාදන ඇති බවත් එසේ සිදුව ඇත්නම් නැවත මුදල් ප්‍රතිපූර්ණය කර ගැනීමට පසුබට නොවන බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.


