සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ පාර්ලිමේන්තු විවාදයට…

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති විශ්වාසභංගය වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සුදානම්වන බව වාර්තාවේ.


ඒ පිලිබඳ තොරතුරු වාර්තා වීමත් සමග ලබන පාර්ලිමේන්තු සතිය යෙදෙන සැප්තැම්බර් 5,6 ,7 සහ 8 යන දිනයන්හි විදේශ ගත වීමෙන් වලකින්නැයි ජනාධිපති වික්‍රමසිංහ විසින් මැති ඇමැතිවරුන්ට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට එරෙහිව විපක්ෂයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව මෙම දිනයන්හි දී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත හෙයින් ජනාධිපතිවරයා ඉහත නියෝගය නිකුත් කර ඇත.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල ට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දින දෙකක් හෝ තුනක් අවශ්‍ය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටි අතර ආණ්ඩු පාර්ශවයෙන් ඊට එකඟතාවය පළ විය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *