ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දූපත් වලට උතුරින් මුහුදේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක් උතුරින් වූ අතර කිලෝමීටර් 516ක් ගුඹුරින් බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත් මේ හේතුවෙන් සුනාමි තර්ජනයක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.


