හෙට්ටිපොළ වෙඩි තැබීමක්!

කුලියාපිටිය – හෙට්ටිපොල මාර්ගයේ කුරුඳුකුඹුර හන්දියේ දී ඊයේ (24) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි හෙට්ටිපොල පොලිසිය සඳහන් කරයි .

මෙලෙස තුවාල ලබා ඇත්තේ මූනමල්දෙනිය ප්‍රදේශයේ පදිංචි (49) හැවිරිදි චන්දන සෙනරත් ජයකොඩි හෙවත් ‘කොණ්ඩයා’ නැමැති පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් නිවස බලා යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීම කුමක් අරමුණු කරගෙන සිදු කළේ ද යන්න මෙතෙක් හෙළි වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *