ජනාධිපතිවරයා සිංගප්පූරු ජනපතිනිය හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යාකොබ් අතර හමුවක් මීට පැය කිහිපයකට පෙර සිංගප්පූරුවේදී පවත්වා තිබේ.

ජනාධිපතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා අද (21) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා අගමැති ලී සියෙන් ලූන්ග්, ආරක්ෂක ඇමැති එන්ග් එන්ග් හෙන් (Ng Eng Hen) සහ තිරසර හා පරිසර ඇමැති ග්‍රේස් ෆු හායි යීන් සමඟ සාකච්ඡා ඇතුළු පිරිසක් සමග වැදගත් රැස්වීම් මාලාවක් සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඉන්පසු ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වනු ඇත.

පැරිස් ගිවිසුමේ 06 වැනි වගන්තියේ විධිවිධාන යටතේ අන්තර්ජාතික කාබන් වෙළෙඳාම හරහා ගෝලීය හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ අරමුණින් ඵලදායී ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමට රටවලට අවස්ථාව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අනුව, පැරිස් සම්මුතියේ රාමුව තුළ කාබන් මධ්‍යස්ථභාවය පිළිබඳ අවබෝධයක් ශ්‍රී ලංකා සහ සිංගප්පූරු රජයන් අතර ස්ථාපිත කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඊට අදාළ ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *