නේවාසිකාගාරයේ තෙවන මහලින් බිමට වැටුනු සරසවි සිසුවකු ජිවිතක්ෂයට…

දියගම තාක්ශණ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය හදාරන තෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකු නේවාසිකාගාරයේ තුන්වැනි මහලින් සැකකටයුතු ලෙස බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ විකුම් සුභාස්වර විතාන ආරච්චි (25) නැමැති රිකිල්ලගස්කඩ රන් කැටිය පාර පදිංචිව සිටි සිසුවෙකි.

තෙවන මහලින් බිමට වැටුණු බව පවසා සිසුන් පිරිසක් විසින් මියගිය සිසුවාව ඊයේ (17)  උදේ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා උත්සාහයක් ගත්තද  අද දහවල් ඔහු මියගොස් තිබෙනවා.

කහතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *