හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ.
ඒ, සමගි ජන බලවේගය විසින් සිය පක්ෂ සාමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කරනු ලැබීමට ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර ඇත.


