2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර අගෝස්තු 18 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පළමු අදියරේ ගයීම් කටයුතු දිවයිනේ මධ්‍යස්ථාන 100 කදී ලබන 27 වනදා දක්වා සිදුකිරීමට නියමිත බවයි එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකොන් සඳහන් කළේ.
මෙම ඇගයීම් කටයුතු පාසල් නිවාඩු කාලය තුළ සිදුවන බවත් ඒ හේතුවෙන් කිසිදු පාසලක් අමතර වශයෙන් වසා දැමීමක් සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


