මොහොමඩ් නජීර්මි ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන්ගේ ගෝලයා හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි දී හෙරෙෆායින් ග්‍රෑම් 10 ක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙකු අත්අඩංගුට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාළිගාවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී මෙම සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංව්ධානාත්මක අපරාධකල්ලි සාමාජිකයකු වන මොහොමඩ් නජීම් ඉමිරාන් හෙවත් කංජිපානි ඉම්රාන් යන අයගේ කණ්ඩායමේ සාමාජිකයෙකු බව අනාවරණය වී ඇත.
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරට අනුයුක්තව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතන රැල්ල මර්ධනය කිරීම සඳහා පවත්වාගෙන යනු ලබන B කලාපයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී ඩී. පී. යූ. කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය මත උ.පො.ප. ජේ.එ.එ.ආර්. චාමර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මාලිගාවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව මාළිගාවත්ත පොලිස් වසමේ ජුම්මා මස්ජිඩි පාර, අංක 211/18 යන නිවස අසල දී වැටලීමක් සිදුකර ඇත.