ක්‍රිකට් පිත්තකින් සහ පිහියකින් පහර දී ව්‍යාපාරිකයකු ඝාතනය කරයි

ක්‍රිකට් පිත්තකින් සහ පිහියකින් පහර දී ව්‍යාපාරිකයකු ඝාතනය කළ සොයුරන් දෙදෙනකු නානුඔය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වී ඇත්තේ 54 හැවිරිදි නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා බදු පදනම යටතේ ලබාගත් වෙළඳසැල බදු කාලය අවසන් වීමෙන් පසුව නැවත එය භාරනොදීම නිසා උරණ වූ එම වෙළඳසැලෙහි හිමිකාර සැකකාර සොහොයුරන් දෙදෙනා සමග ඇති වූ බහින්බස්වීම දුරදිග යෑමෙන් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *