තමන්ට ගෙවීමට ඇති බවට සඳහන් වූ විදුලිබිල සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිදුකළ විමසීමට තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඒ අනුව තමාට හෝ තමාගේ පියාට කිසිඳු විදුලිබිලක් මේ වන තෙක් ලැබී නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ.
තමන්ගේ මගුල් ගෙදරට විදුලිය ලබාගත්තේ විදුලි උත්පාදන යන්ත්‍රවලින් බවත් මගුල්ගෙදරට විදුලිය ලබාදෙන ලෙස ඉල්ලීමක් නොකළ බවත් ආරක්ෂාව සඳහා විදුලිය ලබාදෙන ලෙස ඩී.වී චානක මන්ත්‍රීවරයා විසින් ඉල්ලීමක් කර තිබූ බවද ඔහු සඳහන් කළා.
විදුලි බිලක් ඇත්නම් එය ලැබීමට සලස්වන ලෙසත් නොලැබුණ විදුලි බිලක් ගෙවීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නාමල් රාපක්ෂගේ විදුලිබිල ගෙවූ පසු රටේ විදුලි ප්‍රශ්නය විසඳෙන බවට හෝ විහාරස්ථානවලට නොමිලේ විදුලිය ලබාදිය හැකි බවට කවුරුන් හෝ දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කරන්නේ නම් තමන්ට එවැනි බිලක් නොලැබුනද එය ගෙවීමට සූදානම් බවයි.