සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව තත්පරයට ඝන මීටර් 42 උපරිම ධාරිතාවයෙන් ජලය මුදා හරින බවයි සඳහන් වන්නේ.
නිකරුණේ ජලය මුදා හැරිම ප්‍රයෝජනයක් නොමැතිවීම හේතුවෙන් විදුලි ජනනය සිදුකර ජලය මුදා හැරීම සිදුකරන අතර අද අලුයම 2.30 ට විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබෙනවා.


