යාපනය සරසවි සිසුවියක් සිය නවාතැන්පල තුළ සියදිවි නසාගෙන…

යාපනය,විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලද 22 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක්, යාපනය,කලඩ්ඩිප් ප්‍රදේශයේ පැවති ඇයගේ නවාතැන්පොළ තුළදි ඊයේ(03) සවස සොයාගත් බව යාපනය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ මන්නාරම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක් වන 22 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් එලෙස ඇය නවතැන්ගෙන සිටි නවාතැන්පොළේ කාමරයක තිබි සොයාගෙන ඇති බවයි.

ආදර සම්බන්ධතාවයක් බිඳ වැටීම හේතුවෙන් අදාළ තරුණිය සියදිවි නසාගෙන ඇති බවට ආරංචියක් පවතින බව ප්‍රදේශවාසීන් පවසති.

මියගිය තරුණියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *