කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට මතුගම නගරයේදී ඊයේ (අගෝ. 3) පෙරවරුවේ කිසියම් පුද්ගලයෙකු පහර දී ඇතැයි පොලිසිය කියයි.
මතුගම නගරයේ එළවළු වෙළෙඳසලකදී වූ බව කියන බහින් බස් වීමකින් පසු මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශ්‍රාමික විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කිය යි.
සිදුවීමෙන් පසු මන්ත්‍රීවරයා රෝහල්ගත කර ඇති අතර මන්ත්‍රීවරයාගේ තත්ත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති අතර සිද්ධිය සමථයට පත්වී ඇතැයි ද පොලිසිය කිය යි.