කැනඩා අග්‍රාමාත්‍ය සහ ඔහුගේ බිරිඳ සිය දික්කසාදය ප්‍රකාශයට පත් කරයි!

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ ඔහුගේ බිරිඳ වන සොෆී ග්‍රෙගෝයර් සිය දික්කසාදය ප්‍රකාශයට පත් කර ඇත.

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔවුන් දෙදෙනා සඳහන් කරන්නේ බොහෝ අර්ථවත් සහ දුෂ්කර සංවාදවලින් පසුව වෙන්වීමට තීරණය කර ඇති නමුත් “එකිනෙකා කෙරෙහි ගැඹුරු සෙනෙහස මෙන්ම ගෞරවය මුසු සමීප පවුලක් ලෙස ඉදිරියටත් කටයුතු කරන” බව යි.

මේ වනවිට 51 හැවිරිදි අගමැති ජස්ටින් ටෲඩෝ සහ 48 හැවිරිදි සොෆී ග්‍රෙගෝයර් දෙපළ විවාහ දිවියට එළඹ ඇත්තේ 2005 වසරේදීය. ඔවුන් දරුවන් තිදෙනෙකුගේ මව්පියන් වේ.

කැනඩා අගමැති කාර්යාලය නිවේදනය කර ඇත්තේ නීතිමය වශයෙන් දික්කසාදයට අත්සන් තබා ඇති නමුත් ඔවුන් දෙදෙනාම තව දුරටත් මහජන හමු සඳහා පෙනී සිටිනු ඇති බව යි.

ජස්ටින් ටෲඩෝ සහ සොෆී ග්‍රෙගෝයර් සෑම විටම දේශීය මෙන්ම විදේශීය උත්සව සහ සංචාරවලදී සමීපව සිටිනු දක්නට ලැබුන ද මෑත කාලීනව එවැනි අවස්ථා අවම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *