මලාපවහන ගාස්තුත් ඉහළට…

ජල ගාස්තු සංශෝධනයට සාපේක්ෂව අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි මලාපවහන ගාස්තු ද ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව යම් මාසයක භාවිතය ශුන්‍ය වුව ද මාසික මලාපවහන සේවා ගාස්තු ගෙවිය යුතු බවයි ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

ජල සම්පාදන මණ්ඩලයේ ජල සැපයුමට අමතරව වෙනත් විකල්ප ජල ප්‍රභව කිහිපයක් භාවිත කරන විට ඒ සඳහා පරිහරණ ගාස්තුව වශයෙන් ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා කාලානුරූපීව තීරණය කරන අතිරේක ගාස්තුවක් පාරිභෝගිකයා ගෙවිය යුතු වනවා.

ජල සැපයුමක් රහිතව මලාපවහන සේවා පමණක් ලබාගෙන ඇති අවස්ථාවක ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් පාරිභෝගිකයින්ගේ ද සහභාගිත්වයෙන් කරන ක්ෂේත්‍ර පරීක්ෂාවකින් අනතුරුව තීරණය කරන ඇස්තමේන්තු අගයකට මලාපවහන ගාස්තු නියම කළයුතු බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *