අද සිට ජල ගාස්තු ඉහළට…

අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

නව ගාස්තු සංශෝධනය අනුව සමෘද්ධිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ දැමීමක් මෙවර ගාස්තු සශෝධනයේ දී සිදුකර නොමැති බවයි සඳහන් වන්නේ.

සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ ජල ගාස්තුව මුල් ඒකක 05 සඳහා ඒකකයක් සඳහා අයකරන ගාස්තුව රුපියල් 60 ක් දක්වා ඉහළ දමා ඇති අතර මාසික ගාස්තුද අදාළ ඒකක ප්‍රමාණය අනුව වැඩිකර තිබෙනවා.

පොදු ජල කරාම, උද්‍යාන ජල කරාම, රජයේ පාසල්, ආගමික ස්ථාන,රජයේ අනුමත පුණ්‍යායතන, රජයේ ආයතන සහ රජයේ රෝහල්වල ජල ගාස්තුව ද මෙවර ගාස්තු සංශෝධනයේ දී ඉහළ දමා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *