අයිස් 10kg සමඟ ශ්‍රී ලාංකිකයෙකු පකිස්ථානයේදී අත්අඩංගුවට…

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10 ක් කටාර් වෙත ගෙනයෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අන්තර්ජාතික ගුවන්තොටුපලේ ආරක්ෂක අංශය අත්අඩංගුවට ගෙන ඇත.

දෝහා බලා පිටත්ව යන ගුවන් යානයක් සඳහා මගීන්ගේ ආරක්ෂක පරීක්ෂාව සිදුවෙමින් තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

සැකකරුගේ බෑගය තුළ අයිස් හෙරොයින් කිලෝග්‍රෑම් 10.294ක් සඟවා තිබූ බව සෝදිසි කිරීමේදී අනාවරණය වී ඇත.

ශ්‍රී ලාංකිකයෙකු වන මගියා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු නීතිමය කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නාශක බළකායට භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *