පසුගිය දින කිහිපය තුළ රුපියල අවප්‍රමාණයවීම තාවකාලිකව ඇතිවූ තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඩොලරයට හා රුපියලට ඉල්ලුම සැපයුම මත වටිනාකම තීරණයවීමට ඉඩ ලබාදී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යරයා සඳහන් කළේ.
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඩොලර් මිලියන 750ක් තිබූ බවත් දේශීය ණය ප්‍රතිව්‍යගතකරනයේදී සංවර්ධන බැඳුම්කරවල වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට කටයුතු කරන ලෙස එකඟතාව පළ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඩොලර් තැන්පතුවලින් ඔවුන් මෙය මිලදී ගැනීමට කටයුතු කරන බවත් එහිදී තැන්පතුකරුවන්ට අවශ්‍ය කාලයේදී බේරීම සඳහා ඩොලර් ප්‍රමාණය රැස්කර ගන්න බැංකුවලට යම් අවශ්‍යතාවයක් පැනනගින අතර
ඒ හේතුවෙන් බැංකු මෙතෙක් තමන්ට ලැබුණු ඩොලර් වෙළෙඳපොළට මුදාහැරීම යම් ප්‍රමාණයකට සීමා කරන අතර වෙළෙඳපොළෙන්ද යම් ප්‍රමාණයක් ලබාගත හැකිවීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ රුපියල අවප්‍රමාණය වීම හා ඩොලරයේ අගය වැඩිවීම සිදුවූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.


