රියදුරුට නින්ද යාමෙන් බසයක් අනතුරට ලක්වේ,මගීන් 10 දෙනෙකුට තුවාල…

අද කොළඹ සිට මොණරාගල දක්වා ගමන් කළ බස් රථයක් ගලහිටිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේදී රියදුරුට නින්ද යාම හේතුවෙන් බසය පාරෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව සදහන්.

අනතුරෙන් 10 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

රක්වාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *