ණය අවධානමට මුහුණදෙන රටවල් සඳහා ලෝක බැංකුව සහන ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතු බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පවසනවා.
ශ්‍රී ලංකාවට සිය ණය පීඩාවට මුහුණදීම සඳහා IMF විසින් මෙන්ම ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් මෙහෙයවනු ලබන උත්සාහයට සම්බන්ධ වීමට චීනය සාදරයෙන් පිළිගන්නා බවද ඇය සඳහන් කර තිබෙනවා.
නවදිල්ලි නුවර පැවති සමුළුවක් අමතමින් ඇය මේ බව සඳහන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.


