වෘත්තීය සමිති එකමුතුවේ විරෝධතාවක් කොළඹ කොටුවේ…

වෘත්තීය සමිති කිහිපයක විරෝධතාවක් මේ වන විට කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙමින් තිබෙනවා.

සේවක අර්ථසාධක අරමුදල් කප්පාදුව, කම්කරු නීති සංශෝධනය කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධතාව දක්වමින් මෙම විරෝධතාව වෘත්තීය සමිති එකමුතුව විසින් පවත්වා තිබෙනවා.

මෙම විරෝධතාව සඳහා මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක්ද නිකුත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *