ට්විටර්හි නිල ලාංඡනය වෙනස් කිරීමට එලෝන් මාස්ක් තීරණය කරයි!

ට්විටර්හි නිල ලාංඡනය වන සුප්‍රසිද්ධ නිල් පක්ෂි සංකේතය “X” ලෙස වෙනස් කිරීමට තමා සැලසුම් කර ඇතැයි එහි හිමිකරු එලෝන් මස්ක් සඳහන් කරයි.

පසුගිය වසරේ දී ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඩොලර් බිලියන 44කට මිලදී ගැනීමෙන් පසු සිදුකෙරෙන නවතම වෙනස මෙය බව ඔහු පවසයි.

ඒ අනුව, අද (24) සිට මෙම නවතම වෙනස සිදු කිරීමට තමා බලාපොරොත්තු වන බව ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඊයේ (23) සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *