කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව කළුතර උතුර පොලීසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත බන්ධනාගාරගතව සිටි ‘ලොරියා’ නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන රැඳවියකු මෙලෙස සියදිවි හානි කරගෙන තිබේ.
බන්ධනාගාර රෝහල තුළ පිහිටි සිර මැදිරියක සිරමැදිරියක දොරෙහි මෙම රැඳවියා ගෙළ වැලලා ගෙන ඇති බව අනාවරණය වී ඇත.
සියදිවි හානි කරගත් පුද්ගලයා අධික ලෙස මත්පැනට ඇබ්බැහි වී ඇති අයකු බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.


